සමන්තා, නයනතාරා සහෝදරියන් කළ දමිළ චිත්රපටයක්
දකුණු ඉන්දීය සිනමාවේ ඉහළින්ම වැජබෙන නිළි යුවළක් වන සමන්තා රිතූ අක්කානි හා නයනතාරා සහෝදරියන් ලෙස පෙනී සිටින චිත්රපටයක් මේ දිනවල නිර්මාණය කෙරෙමින් පවතියි. ඒ විග්නෙෂ් ශිවම් අධ්යක්ෂණය කරන ‘කාතු වාකුල රෙන්ඩු කාදල්’ චිත්රපටයේය.
මෙහි ප්රධාන නළු චරිතයට පණ පොවන්නේ විජේ සේතුපති බව සඳහන් වෙයි. විජේ සේතුපති, සමන්තා හා නයනතාරා සමගින් දමිල චිත්රපටයක පෙනි සිටින පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙයි. සේතුපති මොවුන්ගේ සිනමා පෙම්වතා ලෙස මෙහි චරිත නිරූපණය කරනු ලබයි.