සමන්තා දික්කසාද ගැන ඇසු මාධ්‍යවේදියෙකුට බැණ වදියි
දකුණු ඉන්දීය චිත්‍රපටවල නිතර දකින්නට ලැබෙන සිනමා නිළියක් වන සමන්තා රිතු මිට වසර හතරකට පෙර ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා පවුලක් වූ අක්කානි (නාගර්ජුන්) පවුලේ බාළයා නාග චෛත්යාන් සමග විවාහ විය. කෙසේ වෙතත්, මේ වනවිට දකුණු ඉන්දීය සිනමා වෙබ් අඩවි කිහිපයක් සඳහන් කර සිටින්නේ සමන්තා හා නාග චෛත්යාන් දෙදෙනා දැනටමත් දික්කසාද වී ඇති බවය.
එමෙන්ම ඇය දැන් අක්කානි නමද භාවිතා නොකරන අතර, සමන්තා රිතු ප්‍රභාස් නමින්ම ඇය පෙනීද සිටියි. මීට දින කිහිපයකට පෙර සමන්තා ආගමිකා වතාවන් සඳහි චෛන්නායි ප්‍රසිද්ධ කෝවිලකට ගිය අවස්ථාවේදි, මාධ්‍යවේදියෙකු ඇයගෙන් දික්කසාද විම ගැන විමසා බැණුම් අසාද තිබෙන බව දැනගැනීමට ලැබේ.