සමන්තාගේ ’යශෝධා’ චිත්‍රපටය තහනම් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය නොවැම්බර් 11 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ හරි හරිෂ්ගේ 'යශෝධා' චිත්‍රපටයට මේ වනවිට තාවකාලික තහනම් නියෝගයක් යටතේ ප්‍රදර්ශනය අත් හිටුවා ඇත. එයට හේතුව වී චිත්‍රපටයේ කතාවට අදාල වී ඇති EVA පෞද්ගලික රෝහල මෙම චිත්‍රපටයට එරෙහිව නීතිමය පියවර ගෙන තිබිමිය.

ඔවුන් පෙන්වා දී ඇත්තේ තම රෝහල සෘණාත්මක ලෙස මෙම චිත්‍රපටය තුළ පෙන්වීම නඩු පැවරීමට හේතුව බවය. තම නම අවභාවිත කර රෝහලේ කීර්තිනාමයට හානි කර ඇති බවට රෝහල් හිමිකරු විසින් නිෂ්පාදකයින්ට චෝදනා එල්ල කර තිබේ. කෙසේ වෙතත්, චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළ කාල සීමාවේදී සිය නිෂ්පාදිත මුදලට වඩා වැඩි මුදලක් 'යශෝධා' චිත්‍රපටය උපයා ගැනීමට සමත් වි තිබේ.