සමන්තාගේ බොලිවුඩ් ගමන නැවතුණ හැටි
මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවට නැතුවම බැරි සිනමා නිළියක් බවට පත්ව සිටින සමන්තා අක්කානි මෑතකදී පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ මීට වසර 08කට පෙර තමන්ට බොලිවුඩ් සිනමාවට එක්වීමට ආරාධනා ලැබුණ බවය. ඒ තමන් රංගනයෙන් දායක වූ මුල්ම සිනමා රංගනය ඇතුළත් ‘නානි’ චිත්‍රපටයේ බොලිවුඩ් අනු නිර්මාණය සඳහාය.
ඒ එවකට බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්‍රියව සිටි ආදිත්‍ය රෝයි කපූර් සමගය. කෙසේ වෙතත්, එම චිත්‍රපටයේ රූපගත කිරිම් අතරමග නවතා දමන්නට සිදුවිමත් සමග සමන්තාගේ බොලිවුඩ් ආගමනය එතැනින් නිමාවට පත් විය. කෙසේ වෙතත්, ‘නානි’ චිත්‍රපටය පසුව තෙළෙඟු චිත්‍රපටයක් ලෙස නිර්මණය වූ අතර, එයද අතිශය ජනප්‍රියට පත් වූවාය.