සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් නැවත වතාවක් ඉන්දියාවේ ’’ඉහළම බදු ගෙවන්නා’’ බවට පත් වෙයි
සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ඉන්දියාවේ බොක්ස් ඔෆිස් නළුවෙක් ලෙස ප්‍රචලිතයි. එයට හේතුව ඔහු රංගනයෙන් සම්බන්ධ වෙන සෑම චිත්‍රපටයක්ම පාහේ ආදායම් වාර්තා තැබීමයි. එම නිසා ඔහු බොලිවුඩයේ ඉහළම මුදලක් අය කරන තරුවක් වෙනවා.
අක්ෂේ නැවතත් රටේ 'ඉහළම බදු ගෙවන්නා' ලෙස ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ගෞරවයට පාත්‍ර වී ඇති බව වාර්තා වෙනවා ආක්ෂේ කුමාර්ට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පිරිනැමූ ගෞරව සහතිකයක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා.
අගෝස්තු 11 නිකුත් කිරීමට නියමිත 'රක්ෂා බන්ධන්' චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ භූමි පෙඩ්නේකර් සමඟ අක්ෂේ කුමාර්. 2023 පෙබරවාරි 24 වන දින එළිදැක්වීමට නියමිත 'Selfiee' චිත්‍රපටයේද ප්‍රධාන චරිතයක් අක්ෂේ නිරූපණය කරනවා.