සුපිරි නළු සල්මාන්ගේ ආරක්ෂාව වැඩි කරයි

  • 23-07-2023
  • Views 77

මැර කල්ලියක් වන ගෝල්ඩ් බ්‍රාර්ගෙන් එල්ල වූ මරණ තර්ජන නිසාවෙන් සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ගේ ආරක්ෂාව වැඩි කර තිබෙන බව සඳහන් වෙයි. මුම්බායි පොලිසිය විසින් ඔහුට දේශපාලන ප්‍රභුවරයෙකුට සමාන ආරක්ෂාවක් ලබා දෙන්නට මේ වනවිට පියවර ගෙන තිබේ.

ලෝරන්ස් බිෂ්නෝයි ඇතුළු ඔහුගේ කල්ලි සාමාජිකයින් අනිවාර්යයෙන්ම සල්මන් ඛාන් මරා දමන බව බ්‍රාර් මෑතකදි එක්වූ සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත. මේ නිසාවෙන් සල්මාන් ඛාන් මේ වනවිට වෙඩි නොවදින මෝටර් රථයක් ද මිලදී ගෙන ඇත. මාස කිහිපයකට පෙර, ඔහුගේ බන්ද්‍රා නිවස වන ග්ලැක්සි මහල් නිවාසයේද අමතර ආරක්ෂාවක් යොදවා තිබුණි.