සුපිරි නළු අජේ දේව්ගන්ටත් කොවිඩ් හැදිලාද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආක්ෂේ කුමාර් හැරුණු කොට බොලිවුඩයේ සිටින අනෙක් කාර්යබහුල නළුවා වන අජේ දේව්ගන්ටත් කොවිඩ් රෝගය වැළඳි ඇතැයි වාර්තා වේ. අජේගේ සමිපතම මිතුරෙකු වු චිත්‍රපට නිෂ්පාදක කුමාර් මන්ගට්ට මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වී තිබෙන අතර, ඔහු කොවිඩ් ආසාධනය වීමට පෙර ඇසුරු කළ පුද්ගලයන් අතර අජේද සිටින බව වාර්තා වෙයි.

කුමාර් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටින අතර, අජේ දේව්ගන් ඇතුළු පිරිසක් මේ වනවිට කොවිඩ් පරික්ෂණ සිදු කර ප්‍රතිපළ එනතුරු බලා සිටින බව සඳහන් වෙයි. අජේ මේ වනවිට සිය පවුලෙන්ද දුරස්ථව තනිව සිටියි.