සුපිරි තරු සහභාගි නොවුණද මංගල්‍යයට ගිය කරන් ජෝහර්
අප්‍රේල් 14 වැනිදා පැවැති මුම්බායිහි පැවති රන්බිර් - ආලියාගේ විවාහ මංගල්‍යයට ආලියාගේ පාර්ශවය නියෝජනය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජෝහර් සහභාගි වු බව සඳහන් වෙයි. මෙම විවාහ මංගල්‍යය පවුලේ සාමාජිකයන්ට පමණක් වෙන්ව තිබුණ අතර, ඊට කරන් ජෝහර්ගේ පැමිණිම කාගෙත් කතාබහට ලක්ව තිබුණි.
කරන් ජෝහර් ඊට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ තමන්ට එම විවාහ මංගල්‍යය සියැසින් දැකගැනීමට ලැබීම සතුටක් බවය. එමෙන්ම ආලියාගේ පාර්ශවය නියෝජනය කළද රන්බිර්ද තමන්ගේ සමිපතමයෙකු බව කරන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණි.