සැප්තැම්බරයේදී පළමු දරුවා අපේක්ෂා කරන ජෙනිෆර්
ලොව ඉහළම ආදායමක් උපයන සිනමා නිළියක් බවට කාලයක සිට පත්ව ඇති සුරූපි ජෙනිෆර් ලොරේන්ස් මේ වනවිට ගැබිගෙන සිටියි. මේ වසරේ මුලදි ඇය මේ බව ප්‍රසිද්ධ කර තිබුණ අතර, ඇයත්, ඇයගේ සැමියා වූ කුක් මැරෝනිද සැප්තැම්බර් මාසයේදී මෙම දරුවා පිළිගැනිමට සූදානමින් සිටියි.
මේ වනවිට 40 වැනි වියට ආසන්නව සිටින ජෙනිෆර් අවස්ථා කිහිපයකදීම හොලිවුඩ් සුපිරි නළුවන් කිහිප දෙනෙකු සමගම ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ නිළියක්ද වෙයි. කෙසේ වෙතත්, ඇය පසුගිය තුන්වසර කාලය තුළ කුක් මැරෝනි සමග එකම වහළක් යට දිවි ගෙවමින් සිටියහ.