සනි ලියොන් අලුත් නිවසක් ගනියි
ජනප්රිය ඉන්දීය සිනමා නිළි සනි ලියෝන් මීට දින කිහිපයකට පෙර මුම්බායි නගරයෙන් මිළදී ගත් සිය අලුත් නිවසට ගොඩවැදුන බව වාර්තා වෙයි. නිෂා, නේහා හා ආෂර් මෙන්ම සනීගේ සැමිය වූ ඩැනියෙල් මුම්බායි නිවසේ සතුටින් ගත කරන විඩියෝවක් ඇයගේ මිලියන 46ක රසික පිරිසක් සිටින ඉන්ටර්ග්රෑම්ස් ගිණුමට එකතු කර තිබුණි.
සනි මේ දිනවල සිය අලුත්ම චිත්රපටය වූ ෂෙරෝ හි රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධ වි සිටියි. මෙය ඇය විසින් භාෂා හයකින් නිර්මාණය වන චිත්රපටයක රංගනයෙන් දායක වන පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. ෂෙරෝ චිත්රපටය දමිල, තෙළෙඟු, කන්නඩ, මලයාලම්, හින්දි, ඉංග්රිසි බසින් හඬකවාද ප්රදර්ශනය කිරිමට සූදනම් කර තිබේ.