ස්නේහා දික්කසාද වන ප්‍රවෘත්තිය බොරුවක්
මලයාලම් සිනමාවෙන් තම රංගන දිවිය ආරම්භ කළ ස්නේහා අදටද දකුණු ඉන්දීය සිනමාව තුළ බොහෝ දෙනෙකු ආදරය කරන රංගන ශිල්පිණියකි. ඇය ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ ප්‍රසන්න සමගින් මීට වසර දහයකට පෙර විවාහ වි තිබුණි.
මේ වනවිට දෙදරු මවක්ද වන ස්නේහා, ප්‍රසන්නගෙන් දික්කසාද වන බවට ප්‍රවෘත්තියක් පසුගිද මාධ්‍යයන් කිහිපයකම පළ වී තිබුණි. කෙසේ වෙතත්, මෙම වැරදි ප්රවාත්තියක් බවට පවසමින් ස්නේහා හා ප්‍රසන්න එකට පෙනි සිටින ඡායාරූප බොහෝමයක් ඇය ඊට පසු දින කිහිපයකට පළ කර තිබෙනු දක්නට ලැබුණි.