සිනමා නිළි මංජු වාරියර් තවත් ගීතයක් නිකුත් කරයි
2019 වසරේ ‘අසුරන්’ චිත්රපටය සමඟින් දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයට පිවිසි මංජු වොරියර් මේ වනවිට වැඩිපුර දකින්නට ලැබෙන්නේ මලයාලම් චිත්රපට තුළය. ඇය මේ වන විට අජිත් කුමාර්ගේ ‘තුනිවු’ චිත්රපටයේ රූගත කිරීම් සිදු කරමින් සිටියි. H Vinoth විසින් අධ්යක්ෂණය කරන ලද මෙම චිත්රපටය 2023 ජනවාරි 12 වන දින පොංගල් උත්සවයේදී තිරගත වීමට නියමිතයි.
මෙම චිත්රපටයට ඇතුළත් කර ඇති ගීත කිහිපයක් සඳහා මංජු වාරියර් දායක වී තිබෙන බවට මේ වනවිට චිත්රපට නිෂ්පාදකයින් නිවේදනයක් නිකුත් කොට තිබේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය චිත්රපට පසුබිම් ගීත ගායනයට සම්බන්ධ වි සිටි අතර, දමිල චිත්රපටයක් ගීත ගායනා කරන පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙයි.