සිනමා නිළි පරිනිති චොප්රාගේ විවාහය ළගඳීම
පසුගිය මැයි මාසයේදී ජනප්‍රිය ඉන්දීය දේශපාලනඥයෙකු වන රාගව් චාඩා සමගින් විවාහ ගිවිස ගත් බොලිවුඩ් සිනමා නිළි පරිනිති චොප්රා මේ වනවිට සිය විවාහය සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.
මාධ්‍යය වාර්තා කරන අන්දමට ඔවුන්ගේ විවාහය රාජස්ථාන් හි උදායිපූර් හි පැවැත්වීමට සැළසුම් කර ඇති බවය. පරිනිති මෙන්ම රාගව්ද පසුගිය දින කිහිපයේදිම රාජස්ථාන් හි සිය මංගල්‍යය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනු දක්නට ලැබුණි. තොරතුරු ලැබෙන අන්දමට පරිනිති හා රාගව්ගේ විවාහ එළැඹෙන ඔක්තෝබරයේදී සිදු කිරීමට නියමිතය.