සිනමා නිළි නයන්තාරා චිත්රපට නිෂ්පාදනයට
කොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට වර්තමානයේ පත්ව ඇති නයන්තාරා මේ වනවිට සිනමා නිෂ්පාදනයට එක්ව තිබෙන බව සඳහන් වෙයි. ඇය විවාහ වීමට සූදානමින් සිටින විග්නේෂ් ශිවන්ද චිත්රපට නිෂ්පාදකවරයෙක් නිසාම නයන්තාරාද ඔහුගේ සහයට චිත්රපට නිෂ්පාදන කටයුතු සඳහා එක්ව තිබෙන බව දැන ගැනීමට ලැබේ.
නයන්තාරා මෙසේ නිෂ්පාදනය කරනු ලබන්නේ ගුජරාටි චිත්රපටයක අනු නිර්මාණයක් සඳහා බව වාර්තා වෙයි. ‘Shubh Yatra’ ලෙස නම් කර ඇති මෙම දකුණු ඉන්දීය චිත්රපටය අධ්යක්ෂණය කරනු ලබන්නේ ජාතික සම්මානලාභී මනිෂ් ෂයිනි විසිනි.