සෝනම් අලුත් උපන් අමුත්තාට නමක් තියෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ මුම්බායි නගරයේ පෞද්ගලික රෝහලක බිහි කළ සෝනම් කපූර්ගේ අලුත උපන් පුතුට මේ වනවිට නමක් තබා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. දින 21ක් වයසැති මෙම දරුවාට තබා ඇති නම වන්නේ වායු කපුර්ය.

වායු සිය මාපියන් සමග සති අන්තයේදී ගත් ඡායරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලය තුළ දක්නට ලැබෙන අතර, ඒවා සෝනම් කපූර් විසින් සිය සමාජ පිටු අතරේ පළ කළ ඒවා බව සඳහන් වෙයි. සෝනම් හා ඇගේ සැමියා වූ ආනන්ද් අහුජා මේ වනවිට මුම්බායි හි අනිල් කපූර්ට අයිති නිවසේ රැඳි සිටින අතර, තවත් මාස කිහිපයකින් පසුව ඔවුන් යළිත් ලන්ඩන් නගරයට යාමට සූදානමින් සිටියි.