සෝනාක්ෂි සිංහාගේ අපූරු පිළිතුර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසු ගිය දිනෙකදී සෝනාක්ෂි සිංහා සිය රසිකයන් සමඟ “මගෙන් ඕන දෙයක් අහන්න..(ආස්ක් මී එනිතින්ග්)” නම් සැසියක් පැවැත්වූවාය. මෙහිදී ඇගේ රසිකයන් ඇගේ සති අන්ත සැලසුම්, වර්තමාන කොවිඩ් තත්වය පිළිබඳ ඇගේ අදහස් වැනි විවිධාකාර ප්‍රශ්න ඇසූහ. ඇය ඒවාට ඔවුන් සෑහිීමකට පත් වෙන අන්දමේ පිළිතුරු දුන්නාය. 

“මැඩම්.. හැම දෙනාම විවාහ වෙනවා.. ඔබේ විවාහය සිද්ද වෙන්නෙ කවද ද..?”

රසිකාවියක් ඇගෙන් අසා තිබිණි. 

රැලි කර ගත් නළලින් යුතුව වුවත් ඇය එයට දී තිබුණේ සරදම් පිළිතුරකි. 

“හැමෝටම කොවිඩ් 19 හැදෙනවා.. ඉතින් ඒ හින්දා මමත් කොවිඩ් හදා ගන්න ඕන ද..?”

විවාහය තවමත් තමාගේ අනාගත සැලසුම් තුළ නැතැයි අඟවන්නට උත්සාහ කළ ද ඇය සහ සහීර් ඉක්බාල් අතර සම්බන්ධයක් ඇතැයි කටකතා ක්ෂේත්‍රය තුළ පැතිර පවතී. 

“සහීර් කියන්නෙ මගෙ හොඳම යාළුවා.. අපි දෙන්නා මේ කටකතා දැකලා හොඳටම හිනා වුණා.. ඇත්තටම ඒක ලොකු විහිළුවක්.. ඩබල් එක්ස් එල් චිත්‍රපටියේ අපි දෙන්නා එකට රඟ පෑවේ.. නළුවෙක් විදියට මම එයාව අගය කරනවා.. එයාගේ පළවෙනි චිත්‍රපටිය නෝට්බුක්.. හැබැයි ඩබල් එක්ස් එල් එකේ රඟ පාන්නෙ ඊට වැඩිය වෙනස්ම චරිතයක්.. මම හිතන්නෙ ඔහු කුසලතාපූර්ණ නළුවෙක්.. ඔහු ගේ අනාගතය පැහැදිලියි.. ”

ඒ කටකතා පිළිබඳව විමසු විට සෝනාක්ෂි පිළිතුරු දුන්නේ එසේය. සහීර් ගේ පිළිතුරත් ඊට වඩා වෙනස් වූයේ නැත. 
“සෝනාක්ෂි කියන්නෙ මගෙ හොඳම යාළුවන්ගෙන් කෙනෙක්.. අපි දෙන්නා සෑහෙන කාලෙක ඉඳලා යාළුවෝ.. හදිස්සියේ මේ වගේ කටකතාවක් පැතිරෙන්න හේතුව මොකක්ද කියලා මම දන්නෙ නෑ..”

එහෙත් රසිකයන් වඩාත් කැමති අර කටකතාව විශ්වාස කරන්නටය.