සිද්ධාර්ත්, ක්යාරා නිවාඩුවට මාලදිවයිනට යයි
මේ වනවිට බොලිවුඩයේ ආදරණියම පෙම්වතුන් යුවළ බවට පත්ව සිටින සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ක්යාරා අද්වානි දෙදෙනා නිවාඩුව ගත කිරිම සඳහා මාලදිවයිනට ගොස් ඇත. මුලින්ම ඔවුන් වසර අවසාන නිවාඩුව ගත කිරිම සඳහා ප්‍රංශයේ පැරිස් නගරයට යන බව සඳහන්ව තිබුණි.
කෙසේ වෙතත්, ක්යාරා හා සිද්ධාර්ත් අතර මේ වනවිට ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට ඔවුන් විසින් තහවුරු කර නොමැති නමුදු සිද්ධාර්ත්ගේ නිවසෙන් ක්යාරා පිටවෙන බොහෝ අවස්ථා මේ වනවිට පැපරාසි කැමරා කාචවල සටහන්ව තිබෙනු දක්නට ඇත. මෑතකදී සිද්ධාර්ත් පවුලේ සාමජිකයෙක් පවසා තිබුණේ ක්යාරා හා සිද්ධාර්ත් දෙදෙනා ලබන වසරේ විවාහ වීමට සූදානමින් සිටින බවය.