සංජේ දත් දකුණු ඉන්දීය සිනමාවට කොටු වෙයිද

  • 10-06-2023
  • Views 127

වරිසු චිත්‍රපටය හරහා මේ වසරේ සුපිරි ආරම්භයක් ලබාගත් විජේගේ මිළඟ චිත්‍රපටය ලියෝහි රූපගත කිරිම් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බව සඳහන් වෙයි. විජේ සමගින් මෙහි ත්‍රිෂා ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, චිත්‍රපටයේ දුෂ්ට චරිතයට තෝරා ගෙන ඇත්තේ සංජය දත්ය.

සංජේ දත් පසුගිය කාලය පුරාම දකුණු ඉන්දීය චිත්‍රපටවල දකින්නට ලැබුණි. කෙසේ වෙතත්, ඔහු බොලිවුඩයට මේ වනවිට තාවකාලික සමුදීමක් සිදු කර ඇති අතර, වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ දකුණු ඉන්දීය චිත්‍රපට සඳහා බව වාර්තා වෙයි.