ෂාරුක්ට එරෙහිව ගොනු කළ නඩුව ගුජරාටි මහාධිකරණය ප්රතික්ෂේප කරයි
2017 වසරේ තිරගත වූ ෂාරුක් ඛාන්ගේ ‘රායිස්’ චිත්රපටයේ ප්රචාරක කටයුත්තක් අතරතුරදී අධික තෙරපිමකින් මිය ගිය පුද්ගලයෙකු අලලා සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්ට එරෙහිව ගුජරාටි අධිකරණයට නොහඳුනන පුද්ගලයෙකු විසින් අපරාධ නඩුවක් ගොනුකර තිබුණි.
ගුජරාටි නගරයේ වඩෝදර දුම්රිය ස්ථානය සිදුවූ මෙම සිදුවීම මීට දින කිහිපයකට පෙර නැවතත් විභාගත ගත කළ අතර, එහිදි කිසිවෙකුගේ විරුද්ධත්වයක් නොමැති හෙයින් මෙම නඩුව අහක දමන්නට ගුජරාටි මහාධිකරණය කටයුතු කළ බව සඳහන් වෙයි.