ෂාරුක්ගේ පතන් දැනටමත් සිය වියදම් මුදල සොයා අවසන්
ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති ෂාරුක් ඛාන්ගේ ‘පතන්’ චිත්‍රපටය සඳහා වියදම් වූ මුදල මේ වනවිටත් සොයාගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම චිත්‍රපටය මේ වනවිට රූපවාහිනි නාළිකා හා විදෙස් සිනමා ශාලාවලට විකුණා ඇති අතර, ඉන් මෙහි සම්පුර්ණ වියදම් මුදල සොයා ගැනීමට හැකිව තිබේ.
කෙසේ වෙතත්, චිත්‍රපටය නිෂ්පාදනය කරන ආදිත්‍ය චොප්රා ප්රමුඛ යාශ්රාජ් චිත්‍රපට සමාගම පවසන්නේ මෙම චිත්‍රපටය අවම වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 500 සීමාව ඉක්මවා යන සුපිරි චිත්‍රපටයක් වනු ඇති බවය.