ෂාරුක්ගේ දුෂ්ඨයා වෙන්න විජේ සේතුපති හා කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල හයිද්‍රබාද් හි රූපගත කරන් ඇට්ලේ කුමාර්ගේ ‘ජාවන්’ චිත්‍රපටයේ ෂාරුක් ඛාන්ගේ දුෂ්ඨයා වීමට මේ වනවිට දකුණු ඉන්දීය සිනමා නළු විජේ සේතුපති සිය කැමැත්ත පළකොට තිබේ. මීට පෙර නළුවන් කිහිප දෙනෙකුගේම නම් මෙම චරිතය සඳහා යෝජනා වී තිබුණ අතර, පසුව සාකච්ඡා වට කිහිපයකින් පසුව ඇට්ලේ කුමාර් විසින් සේතුපති මෙම චරිතයට එකතු කරගෙන ඇත.

විජේ සේතුපති හා කත්‍රිනා කයිෆ් රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපටයක් මේ වසර අගදිද ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙන අතර, ‘ජාවන්’ ඔහු රංගනයෙන් දායක වන දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයකි. මේ වසරේ අති සාර්ථක වූ කමල් හසන්ගේ ‘වික්‍රම්’ චිත්‍රපටයේද දුෂ්ඨයා ලෙස රංගනයෙන් දායක වූයේ විජේ සේතුපතිය.