ශීවකාර්තික්යාන්ගේ චිත්‍රපටය හොඳ ආරම්භයක් ලබයි
ජනප්‍රිය තරුණ නළුවෙකු ලෙස දකුණු ඉන්දිය සිනමාව තුළ ප්‍රසිද්ධ ශිවකාර්තික්යාන්ගේ අලුත්ම චිත්‍රපටය ‘ඩොන්’ මීට දින කිහිපයකට පෙර ප්‍රදර්ශනය කරනු ලැබීය. තිරගත කළ පළමු දින පහ තුළදී පමණක් ඉන්දිය රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් උපය ගැනීමට මෙම චිත්‍රපටය සමත් ව ඇත.
චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 30කින් නිෂ්පාදනය කර ඇති අතර, මේ වනවිට එම නිෂ්පාදන මුදලද ඉක්මවා ලාභ ලබන චිත්‍රපටයක් බවට ‘ඩොන්’ පත්ව ඇත. ශීවකාර්තික්යාන්ට අමතරව ප්‍රියංකා මෝහන් මෙහි රංගනයෙන් දායක වෙයි. ප්‍රියංකා යනු ශීවකාර්තික්යාන් මේ වසරේ රඟපෑ ‘ඩොක්ටර්’ චිත්‍රපටයේද ප්‍රධාන නිළිය වෙයි.