බොනි කපූර් හා ශ්‍රී දේවිගේ බාල දියණිය වූ කුෂි කපූර් නුදුරේම බොලිවුඩ් සිනමාවේදී දකින්නට ලැබෙයි. ඒ සෝයා අක්තාර් විසින් අධ්‍යක්ෂණය කරන The Archies චිත්‍රපටය හරහාය. මෙහි කුෂි සමගින් ෂාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දාද රංගනයෙන් දායක වෙයි.
ජාන්විද මේ වනවිට බොලිවුඩ් සිනමාවේ ස්ථාවරව සිටින අතර, කුෂිගේ පියා බොනි පවසන්නේ ජාන්වි මෙන් කුෂිද ඉතා ඉක්මණින් බොලිවුඩයේ ස්ථාවර වෙමින් ජනප්‍රිය තරුවක් වනු ඇති බවය. කුෂි මේ වනවිට සිය 19 වැනි විය ගෙවා දමමින් සිටින අතර, ඇයට මේ වනවිටත් සුපිරි චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වීමට අවස්ථාව ලැබි ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
