ශ්‍රීයා සරන් ගේ මව් පදවිය
“මගේ දුවට දැන් වයස මාස නවයයි.. මට තවත් එයාව හංගාගෙන ඉන්න පුළුවන්කමක් නෑ.. ඇත්තටම ඇය ලෝකයේ රටවල් ගණනාවක සංචාරය කරපු දරුවෙක්.. මට හරි සන්තෝසයි ඒ ගැන.. දැන් ඇය තමයි මගෙ හොඳම යාළුවා.. මට දැනෙන්නෙ දරුවෙක් අම්මට උපත දුන්නා වගේ හැඟීමක්.. අපි එයාට රාධා කියලා නම තිබ්බා.. මගේ සැමියා අන්ද්‍රෙයි ඒ නමට හරි කැමතියි..”
සිය මව් පදවිය ගැන එසේ ආඩම්බරයෙන් කතා කළේ ශ්‍රීයා සරන් භාත්නගර්ය.
මේ වන විට ශ්රීයාත් ඇගේ සැමියා අන්ද්‍රෙයා කොස්චීව්ත් දියණිය සමඟ පදිංචි වී සිටින්නේ බාසිලෝනාවලය. ලොක් ඩවුන් කාල සීමාවත් ඔවුන් ගෙව්වේ එහිය.
“රාධා ඉපදුණේ බාසිලෝනාවල.. ඇත්තටම ඇය සැලසුම් කරපු දරුවෙක්.. එක පාරටම ලෝකය එක තැන නතර වුණාම අපි හිතුවා මේ තමයි දරුවෙක් හදා ගන්න හොඳම කාලය කියලා..”
පසුගියදා චිත්‍රපටි රූගත කිරිමක් සඳහා මුම්බායිවලට පැමිණ සිටි ඇය පැවසුවාය. මේ වන විට ඇය රඟ පාන අ මියුසිකල් ස්කූල් චිත්‍රපටියේ වැඩ ආරම්භ කර තිබේ. ගාම්නාම් නමැති තෙළිඟු චිත්‍රපටියේ ද ඇය රඟ පාන්නීය.
“මට මගේ අම්මා ඇතුළු හුඟක් දෙනෙකුගේ සහයෝගය තියෙන හින්දා රාධාත් බලාගෙන රඟපාන එක අසීරු දෙයක් නෙමෙයි.. රෑට එයා බලා ගන්නේ අන්ද්‍රෙයි මමයි මාරුවෙන් මාරුවට..”
ඇය කීවාය.
රුසියන් ජාතික ටෙනිස් ක්‍රිඩකයෙකු හා ව්‍යවසායකයෙකු වන අන්ද්‍රෙයා මේ වන විට සැලසුම් කරමින් සිටින්නේ ඉන්දියාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නටය.
නිරූපිකාවක ද වන ශ්‍රියා ක්ෂේත්රයට පා තැබුවේ ඉෂ්තාම් නැමැති තෙළිඟු චිත්‍රපටියේ රඟ පාමිනි. මේ වන විට තෙළිඟු, දෙමළ හින්දි චිත්‍රපටි හැත්තෑ පහක පමණ රඟ පා ඇති ඇය දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නිළියකි.