ශ්රීදේවිගේ සරාගී දියණිය ජාන්වී කපූර්ගේ පැරීසියේදී ගත් සමාජ ජාලා කැළඹූ ඡායාරූප
ජාන්වී කියන්නේ බොලිවුඩ් සිනමාවේ නැඟී එන තාරකාවක්. ඉතා සුළු කාලයකින් විශාල ජනප්රියත්වයක් ලබාගත් ඇය ශ්රී දේවිගේ දෙවන විවාහයෙන් ලැබුණ පළමු දියණියයි. ඒ කියන්නේ චිත්රපට නළුවන් වන අනිල් කපූර් හා සංජය කපූර්ගේ වැඩිමහල් සහෝදරයා වන්නේ බොනී කපූර්ගේ සහ ශ්රීදේවිගේ දියණිය.
1997 වසරේ උපන් ජාන්වී කපූර්ගේ වයස අවුරුදු 25ක් වනවා. ශ්රී දේවිගේ රූ සපුව නොඅඩුව හිමි නිසා බොලිවුඩ් සිනමාවේ දොරටු මවගේ වියෝවෙන් පසුව විවර වුණා. 2018 වසරේ තිරගත වූ කරන් ජොහර්ගේ ‘දඩක්’ චිත්රපටය හරහා ජාන්වී බොලිවුඩ් සිනමාවට පැමිණියා. ඉන් අනතුරුව ගෝස්ට් ස්ටෝරීස්, ගුන්ජන් සක්සේනා, රූහි යන චිත්රපටිවලට ඇය රංගනයෙන් දායක වී ඇති අතර ගුඩ්ලක් ජෙරී, මිහී, මිස්ටර් ඇන්ඩ් මිසිස් මාහී, බවාල් යන ඇය රංගනයෙන් දායක වුණු චිත්රපට තිරගත වීමට නියමිතය.
ජාන්වීගේ ඡායාරූප කීපයක් පසුගියදා ෆිල්ම් ෆෙයාර් සඟරාවේ ෆේස්බුක් නිල ගිණුමේ පළ කරලා තිබුණා. ඒ ඇය පැරීසියට ගොස් ගත් ඡායාරූප කීපයක්. ජාන්වී බාත්රොබ් එකක් ඇදගෙන බැල්කනියක ගත් ඒ ඡායාරූප කීපය මේ වෙද්දි සමාජ ජාලා කළඹා ඇති බවයි වාර්ථා වෙන්නේ.