ශ්රද්ධා කපූර් දායක වුණ මලයාලම් චිත්රපටයක් ළඟදීම
පෘතුවිරාජ් සුකුමාරන් අධ්යක්ෂණය කරන මලයාලම් චිත්රපටයක බොලිවුඩ් සිනමා නිළි ශ්රද්ධා කපුර් රඟපා තිබෙන බව වාර්තා වේ. මෙය ඇයගේ පළමු මලයලම් චිත්රපටය වීම විශේෂත්වයකි. දැනට මෙම චිත්රපටය සම්බන්ධව ලැබෙන තොරතුරු අනුව මෙම චිත්රපටය මලයාලම් භාෂාවට අමතරව දමිල භාෂාවෙන්ද හඬකවා ප්රදර්ශනය කිරිමට සූදානම් කර ඇත.
කෙසේ වෙතත්, මෙම චිත්රපටයේ වැඩ කටයුතු තවමත් අවසන් කර නොමැති අතර, බොහෝවිට මෙම චිත්රපටය ලබන වසරේදි ප්රදර්ශනය කිරිමට නියමිත එකකි. මලයාලම් සිනමාවේ සුපිරි තරුව බවට පත්ව සිටින පෘතුවිරාජ් ප්රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වෙයි.