ශ්‍රෑති හසන් තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කියයි
මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වී ඇති දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු කමල් හසන්ගේ සෞඛය තත්ත්වය පිළිබදව සිය වැඩිමහල් දියණිය ශ්‍රැති හසන් සිය සමාජ පිටු අතරේ සටහනක් තබා ඇත.
ඇය පවසන්නේ තම පියා මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවය. එමෙන්ම ඔහු මේ වනවිට තනිව හුදකලා වී ස්වයං නිරෝධායනයට යොමුව තිබෙන අතර, තවත් දින කිහිපයකින් නැවතත් සිය සුපුරුදු රාජකාරි සඳහා එක්වීමට ඔහු බලාපොරොත්තුවෙන බවද ඇය සිය සටහන තුළ පළ කර ඇත.