ශාරුක් ඛාන් සමඟින් එක්වීමට නියමිත සුපිරි නළු විජෙයි
දකුණු ඉන්දිය සිනමාව තුළ අතිසාර්ථක චිත්‍රපටි කිහිපයක් අධ්‍යක්ෂණය කළ ඇට්ලි කුමාර්ගේ නවමත චිත්‍රපටියෙහි රූගත කිරීම් ආරම්භ කිරීමට මේ වනවිට සියල්ල සූදානම්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා පවසනවා.
මෙම චිත්‍රපටියෙහි ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් එක්වන ශාරුක් ඛාන් ඊට අවශ්‍ය කාල සටහන මේ වනවිටත් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඔහු දින දහයක කාලයක් ලබා දී ඇති අතර එහි රූගත කිරීම් අද (10) දිනයේ දී ආරම්භ වීමට නියමිත බව ද සඳහන්.
මෙම චිත්‍රපටියේ, ප්‍රධාන නිළිය ලෙස දකුණු ඉන්දියානු ලේඩි සුපර් ස්ටාර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නයන්තාරා එක්වීමට නියමිතයි.
මේ අතර කොලිවුඩ් සුපිරි නළු විජෙයි ද, මෙම චිත්‍රපටියේ දර්ශන කිහිපයක් සඳහා එක්වීමට නියමිත බවයි ඉන්දීය සිනමා ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේ.