ශුබ්මන් ගිල් මොන සාරාගේ පෙම්වතාද?
මීට මාස කිහිපයකට පෙර ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සාරා අලී ඛාන්ගේ පෙම්වතා බවට ක්‍රිකට් ක්‍රීඩක ශුබ්මන් ගිල් පත්විය. මේ සියල්ල ආරම්භ වූයේ ක්‍රිකට් ක්‍රීඩක ශුබ්මන් ගිල් සමඟ සාරා අලී ඛාන් මුම්බායි අවන්හලක දී දැකීමෙන් පසුවය. කෙසේ වෙතත්, සාරාගේ පෙම්වතා වන්නට පෙර ශුබ්මන් සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය සාරා තෙන්ඩුර්කාර්ගේ පෙම්වතා වි සිටියහ.
නැවතත් මේ සියල්ල කණපිට හැරි ඇති අතර, සාරා අලී ඛාන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩකයා අත්හැර සිය හිටපු පෙම්වතා වූ කාර්තික් ආර්යයන් සමග එක්ව ඇත. පසුගිය පෙබරවාරි 14 වැනිදාට යෙදි තිබුණ ආදරවන්තයින්ගේ දිනයේදී ශූබ්මන් නැවතත් සාරා තෙන්ඩුර්කාර් සමග ලන්ඩනයේ ප්‍රකට අවන්හල කොෆි බොමින් සිටි බව වාර්තා වෙයි. පැපරාසි කැමරාකරුවන් විසින් ඔවුන් දෙදෙනා එම අවන්හලේ එකට සිටින ඡායාරූප කිහිපයක්ද මේ වන විට මුදාහැර තිබේ. ඒ අනුව නැවතත් සාරලා දෙන්නම සිය පරණ පෙම්වතුන් සමග හිතවත්කම් ගොඩ නඟා ගන්නට වි ඇත.