වසර 30කට පසුව සල්මාන්ගේ චිත්‍රපටයක රඟපාන රේවති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අදටද දකුණු ඉන්දීය සිනමාවේ නිතරම දකින සිනමා නිළියක් බවට පත්ව සිටින රේවති ලබන වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති මනිෂ් ෂර්මාගේ ‘ටයිගර්’ තුන් වැනි චිත්‍රපටය සඳහා එක්ව සිටින බවට තොරතුරු ලැබේ. සල්මාන් සමගින් රේවති චිත්‍රපටයක පෙනි සිටින්නේ වසර 30කට පසුව වීම විශේෂත්වයකි.

සල්මාන් හා රේවති රංගනයෙන් දායක වූ එකම චිත්‍රපටය වන්නේ ‘ලව්’ය. එය දැනට ප්‍රදර්ශනය වී වසර 30ක් ගත වී ඇති අතර, එම කාලය තුළදී සල්මාන් හා රේවති සිනමා තිරයේ යළිත් එකට දකින්නට නොලැබුණි. වාර්තාවන අන්දමට රේවති ‘ටයිගර්’ තුන්වැන්නේ සැළකිය හැකි චරිතයක් නිරූපණය කරන බව සඳහන් වෙයි.