වසර හතරක විවේකය ගැන ෂාරුක් කියූ කතාව
සිවුවසරකට පසුව බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නැවතත් ලබන ජනවාරියේදී බොලිවුඩ් සිනමා තිරයේ දැකගන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වී ඇත. ඒ පතන් චිත්‍රපටය හරහාය. මේ දිනවල ඔහු සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා එක්ව සිටින අතර, ඔහුගේ සම්මුඛ සාකච්ඡාද නිරන්තයෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් තුළද පළවෙයි.
එක්තරා සම්මුඛ සාකච්ඡාවකදි ෂාරුක් පවසා තිබුණේ තමන් මේ තරම් කාලයක් සිනමා රංගනයෙන් ඈත්වීමට මුලින් සැළසුම් නොකල බවය. කෙසේ වෙතත්, කොවිඩ් වසංගත තත්ත්වය නිසවෙන් තමාට දිගු කාලයක් විවේක ගන්නට සිදුවු බව ඔහු පවසා තිබේ. එමෙන්ම ෂාරුක් පවසන්නේ එය තම පවුලේ සාමාජිකයන් සමග වෙනදාටත් වඩා කාලයක් එකට ගත කරන්නට ලැබුණු බවත්ය.