වසර තුනකට පස්සේ ආපු අමිර්ගේ චිත්රපටය සාර්ථකද
බොලිවුඩයේ කිරුළ නොපැළන්දු රජුන් ලෙස අදටද බොහෝ දෙනෙකු හඳුන්වන අමිර් ඛාන්ගේ අලුත්ම චිත්රපටය ‘ලාල් සිං චඩ්ඩා’ පසුගිය අගෝස්තු 11 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්රදර්ශනය ආරම්භ කරනු ලැබීය. ඉන්දීය රුපියල් කෝටි 180ක වියදමකින් තැනුණ මෙම චිත්රපටය ප්රදර්ශනය අරඹා දින කිහිපයක් ගෙවෙද්දි ඉන්දීය රුපියල් කෝටි 88ක ආදායමක් උපයා ගන්නට සමත්ව තිබේ.
ඉන්දීය සිනමා විචාරකයින් පවසන්නේ මෙම චිත්රපටය අමිර් ඛාන් අවසන් වරට 2018 වසරේදී රංගනයෙන් දායක වූ ‘තග්ස් හින්දුස්තානි’ චිත්රපටය මෙන්ම කිසිදු අර්ථයක් මතුනොවූ චිත්රපටයක් බවය. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ මෙම චිත්රපටය සිය වියදම් වූ මුදල සොයා ගැනීමට හැකිවුවහොත් පමණක් සාර්ථක චිත්රපටයක් වනු ඇති බවය. ‘ලාල් සිං චඩ්ඩා’ අමිර් හා ඔහුගේ හිටපු බිරිඳ කිරන් රාඕගේ නිෂ්පාදනයක්ද වෙයි.