විවාහ සංවත්සරය මතක තියාගන්න අජේගේ අලුත් ක්‍රමය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අජේ දේව්ගන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ගෙවුණු දින කිහිපයකට පෙර අපූරු ඡායාරූපයක් පළ වී තිබිණි. 
එහි තිබුනේ බොලිවුඩයේ ජනප්‍රිය වැඩසටහනක් වෙන ‘කොෆි විත් කරන්’ වැඩසටහනට අජේ දේව්ගන් හා කාජල් 2018 දී සම්බන්ධ වූ විටෙක ගත් ඡායාරූපයකි.  
එම වැඩසටහනේ දී කරන්, ඔවුන් දෙදෙනාගේ සංවත්සර දිනය අජේ දේව්ගන්ගෙන් විමසුවත් ඔහු දින පටලා ගත්තේ කාජල්ගේ කෑ ගැසීම් මධ්‍යයේය. 
“ම්ම්.. 1999 යේ පෙබරවාරි 22.. 23..” 
“ඒක 1999 පෙබරවාරි 24..” 
අජේට බාධා කරමින් කාජල් කෑ ගැසුවේ දත්මිටි කමිනි. 
අජේ දේව්ගන් එම ඡායාරූපය පළ කර තිබුණේ ‘රිමයින්ඩර්’ යන සටහන ද සමඟිනි. 
ඔවුන් දෙදෙනාගේ විවාහයට වසර 23ක් පිරුණේ ගෙවුණු පෙබරවාරි 24 වෙනිදාය. බොහෝ දෙනෙකු අජේගේ ඡායාරූපයට අදහස් පළ කර තිබිණි. දින මතකයේ තබා ගන්නට මෙය හොඳ ක්‍රමවේදයක් බව වැඩිදෙනෙකුගේ අදහස විය.