විවාහයෙන් පස්සේ කත්‍රිනාගේ පළමු හෝලි සැමරුම
මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ හෝලි උත්සවයේ ගත් ඡායාරූප කිහිපයක් කත්‍රිනා කයිෆ් විසින් සිය මිලියන 68.5ක් සිටින ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබේ. තම විවාහයෙන් පසුව කත්‍රිනා කයිෆ් විසින් සිය සැමියා වූ සිනමා නළු විකි කෞශාල් සමගින් සමරනු ලැබු පළමු හෝලි උත්සවය මෙය වීම විශේෂත්වයකි.
කත්‍රිනා, සිය සැමියා වූ විකිගේ මාපියන් මෙන්ම බාල සහෝදරයා වූ සනි කෞශාල් සමගින් පෙනි සිටින ඡායාරූප කිහිපයක් මෙසේ ප්‍රසිද්ධ කර ඇත. නිකුත් කළ ඡායාරූප අතරේ එක් ඡායාරූපයකට රසික කැමැත්ත ලක්ෂ පණහක් ලැබි තිබිම විශේෂත්වයකි.