වින් ඩිසල්ගේ F9 චිත්රපටයට වැඩි අවධානයක්
පසුගිය දෙසැම්බර් 07 වැනිදා පැවැති 47 වැනි ‘පිපල්ස් චොයිස්’ සම්මාන උළලේදී වැඩිම සම්මාන ප්රමාණයක් සඳහා නිර්දේශ වූ චිත්රපටය බවට පත් වන්නට වින් ඩිසල් නිෂ්පාදනය කළ ජස්ටින් ලී අධ්යක්ෂණය කළ ‘F9: The Fast Saga’ සමත් විය.
කෙසේ වෙතත්, මෙම සම්මාන උළලේදී සම්මාන 08ක් සඳහා නිර්දේශ වුවද ‘F9: The Fast Saga’ චිත්රපටයට කිසිදු සම්මානයක් හිමි කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයක් විය. වසරේ හොඳම ක්රියාදාම තරුව සඳහා මෙම චිත්රපටයේ රංගනයෙන් දායක වූ ජෝන් සිනා, චාලිස් තෙරොන් මෙන්ම සුපිරි නළු වින් ඩිසල්ද නිර්දේශ වීම කැපි පෙනුණී.