විදෙස් ගතවන්නට ජැකලින්ට අවසර ලබා දෙයි
සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුව සම්බන්ධයෙන් මේ වනවිට සාක්ෂිකාරියක්ව සිටින සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් විදේශගත විමට දිල්ලි මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙන පුවතක් වර්තා වෙයි. ඒ සම්මාන උළෙලක් සඳහා අබුඩාබි වෙත යාමට දින 15ක කාලයකටය.
එමෙන්ම මෙම අබුඩාබි ගමනට පමණක් නොව රූපගත කිරිම් කටයුත්තක් සඳහා ප්‍රංශයට මෙන්ම නේපාලනයට අවසර ලබා දෙන ලෙස ඇයගේ මෙම ඉල්ලීම තුළ තවදුරටත් සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ජැකලින් පැටලි ඇති මෙම නඩුව තව දුරටත් විභාග ගත වෙමින් පවතින බවට තොරතුරු වාර්තාද වෙයි.