වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලක්ෂ තුනක් ගෙවපු රාඝවා

  • 30-05-2023
  • Views 91

අති සාර්ථක කංචනා පළමු හා දෙවැනි චිත්‍රපට හරහා දකුණු ඉන්දීය සිනමාව තුළ අතිශය ජනප්‍රිය වූ රාඝවා ලොරේන්ස් පසුගියදා පුන්‍ය කටයුත්තකට එක්ව ඇත. ඒ කාලයක් දකුණු ඉන්දීය සිනමාව තුළ කතා බහට ලක්වූ නිෂ්පාදවරයෙක් වූ වී.ඒ. දුරෙයිගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු විසින් මුදලින් ලක්ෂ තුනක් ලබා දී තිබිමය.

මේ වනවිට අසරණව දිවි ගෙවන නිෂ්පාදක වී.ඒ. දුරෙයි කාලයක් තිස්සේ රෝගාතුර වී සිටියි. රාඝාවා මුදල් පිරිනැමිමට පෙර දකුණු ඉන්දීය සිනමා නළුවන් වූ සුරියා මෙන්ම රාජිණිකාන්ත්ද ඔහුට මුදලින් ආධාර කර ඇත. කෙසේ වෙතත්, ඔවුන් ඒ ආධාර තිබුණේ අප්‍රසිද්ධියේ වූ අතර, එය ඉන්දීය මාධ්‍යයන් තුළද වැඩිපුර අනාවරණය නොවීය.