විකී, බිරිඳ එක්ක නිව්යෝර්ක් නගරයේ උපන්දිනය සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විකී කෞශාල් හා කත්‍රිනා කයිෆ් දෙදෙනා මේ වනවිට කෙටි නිවාඩුවක් ගත කරන්නට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රැදි සිටින බව සඳහන් වෙයි. විකිගේ 34 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ අතර, කත්‍රිනා ඊට පුදුම කිරිමේ උපන්දින සාදයක් ඔහු වෙනුවෙන් පවත්වා තිබුණ බව සඳහන් වෙයි.

මේ වනවිට විකිගේ උපන්දින සාදයේ ගත් ඡායාරූප කිහිපයක් කත්‍රිනාගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබෙන අතර, එය නිව්යෝර්ක් නගරයේ පිහිටි ප්‍රියංකා චොප්රා සතු අවන්හල තුළදි ගත් එකක් බව සඳහන් වෙයි. එමෙන්ම මීට සති කිහිපයකට පෙර කත්‍රිනාගේ 38 වැනි උපන්දිනයද යෙදි තිබුණ බව දැන ගැනීමට ලැබේ.