ලොෆෙස් ඩොලර් මිලියන පහක විවාහ ගිවිසුමක් ඇෆ්ලොක් සමග අත්සන් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය ජුලී 16 වැනිදා සිය මිතුරු මිතුරියන් ඉදිරියේ විවාහ වූ හොලිවුඩ් සිනමා නළුනිළි බෙන් ඇෆ්ලොක් හා ජෙනිෆර් ලොෆෙස් මීට දින කිහිපයකට පෙර ඩොලර් මිලියන පහක විවාහ ගිවිසුමකට අත්සන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මොවුන් දෙදෙනා මෙසේ ගිවිසුම් ගතව ඇත්තේ තම විවාහයේදී එකිනෙකාට වංචාවක් සිදු වුවහොත් ඊට වන්දි වශයෙන් මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ලබා ගැනිමේ අරමුණින් බව සඳහන් වෙයි. මීට පෙරද මෙවැනි අවස්ථා කිහිපයකටම මොවුන් දෙදෙනා මුහුණ දුන් අතර එය ආදර්ශයට ගනිමින් මොවුන් දෙදෙනා මෙසේ ගිවිසුම්ගත වූ බව සඳහන් වෙයි.