‘ලාල් සිං චඩ්ඩා’ වෙනුවෙන් කරිනා ඇග අඩු කර ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය දෙවැනි දරුවා බිහි කිරිමත් සමග යළිත් වතාවක් තරබාරු වු කරිනා කපූර් මේ දිනවල නැවතත් සිය යෝග ව්‍යායාම් කටයුතුවල නිතරව සිටින බව වාර්තා වෙයි. ඒ ඉදිරියේදී රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරිමට නියමිතව ඇති ‘ලාල් සිං චඩ්ඩා’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහාය.

දෙවැනි දරුවා ලැබීමත් සමග මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු අතරමඟ නවතා දමන්නට සිදුවිය. චිත්‍රපටය මේ වසරේ සැප්තැම්බර් 24 වැනිදා ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත. කෙසේ වෙතත්, චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන අමිර් පවසා තිබුණේ චිත්‍රපටය 2022 වසර තෙක් කල්ගත වනු ඇති බවය.