ලෝක රූ රැජිනට කොරෝනා බාධා කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය, තාවකාලිකව නවතා දැමීමට සංවිධායකයෝ තීරණය කර තිබේ.

ඊට හේතුව, රූ රැජින තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණු සුරූපිනිය මනාසා වරණාසි ඇතුළු තරගාවලියට සම්බන්ධ 17 දෙනකු 'කොවිඩ් 19' ආසාදිතයන් බව තහවුරු වීමය.

තරගාවලිය හදිසියේ අත්හිටුවීම සිදුවූයේ එය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මෙවර ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රසීලයේ පුවර්ටෝ රීකෝ නුවර හෝසේ මිගුවෙල් රඟහලේය. තරගාවලියේ සංවිධායකයන් ඉන්ස්ටග්‍රෑම් හරහා පවසා තිබෙන්නේ ඉදිරි දින 90 ඇතුළත තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන බවය.

මේ අතර, 'කොවිඩ් 19' ආසාදිතයකු වූ ඉන්දීය සුරූපිනිය නිරෝධානයට යොමු කළ බවත්, ඇයට ඇත්තේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. ලෝක රූ රැජින කිරුළ සඳහා මනාසා වරණාසි ඉදිරිපත් වන්නේ ඇය 2020 ඉන්දීය රූ රැජින කිරුළ දිනා ගැනීමෙන් පසුවය.