ලෝකයේම ආකර්ශනය දිනාගත්ත, ලොව සුන්දරම කාන්තාවන්ගේ ලැයිස්තුව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෙනෙකුට හිමිවන ආකර්ශනීය පෙනුම, පෞරෂ්‍යය කියන්නේ කාගෙත් සිත් ඇදගන්නා දෙයක්. අන්න ඒ විදිහට තමයි අපිට ලෝකයේ ලස්සනම කාන්තාවන් ගැන අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් මේ කියන විශ්මිත කාන්තාවන්ගෙන් ඇස් ඉවතට ගන්න එක, කරන්න බැරි දෙයක්. හොඳයි මේ කියන්න හදන්නේ ලෝකේ සුන්දරම සහ ලස්සනම කාන්තාවන් අතරින් පළමු පස් දෙනාට හිමිකම් කියන අය ගැනයි.

01. බෙලා හැඩිඩ්

Golden Ratio of Beauty Phi,” විසින් සපයනු ලැබූ වාර්තාවක් පදනම් කරගෙන බෙලා ලොව වඩාත් සරාගී කාන්තාව ලෙස හඳුන්වා දී තිබෙනවා. බෙලා වෘත්තීයෙන් නිරූපිකාවක් වන අතර විශාලතම විලාසිතා සන්නාම රැසකට හිමිකම් කියනවා. ඇගේ විලාසිතා ද වරින් වර ලෝකයේ අවධානය දිනා ගන්නවා.

02. ඇඩ්‍රියානා ලීමා

ඇඩ්‍රියානා දේවදූතියක් ලෙස බොහෝ දෙනා හඳුන්වන අතර ඇගේ සුන්දරත්වය බොහෝ දෙනාගේ හදවත සොරා ගන්නා බව රහසක් නෙවෙයි. ඇගේ ආලේපිත තොල් සහ ඇස්වලින් ලෝකයේ සුන්දර තරුණියන් අතර දෙවැනි තැනට එන්න ඇය සමත් වෙලා තියෙනවා.

03. බියොන්සේ

2021 වසරේ වඩාත්ම සාර්ථක සහ ධනවත්ම කලාකාරිනිය ලෙස සැලකෙන්නේ ඇයයි. ඇය වෘත්තීයෙන් ව්‍යාපාරික කාන්තාවක් ලෙසත්, ගායිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඇගේ සුවිෂේශී කොණ්ඩා මෝස්තරය සහ පරිපූර්ණ ශරීරය බොහෝ දෙනාගේ ආකර්ශයට බඳුන් වනවා.

04. මාර්ගට් රොබී

ඇය තවත් ආකර්ශනීය චරිතයක්. හොලිවුඩ් තිරයේ රඟන ඈ ඉහළම බලගතු පුද්ගලයින් 100 දෙනා අතරට එන්නට සමත්කම් දක්වනවා. චිත්‍රපට ගණනාවක් හරහා ඇය ජනප්‍රියත්වයට පත් වුණා.

05. අයිශ්වර්යා රායි

සිත්ගන්නා සුළු නිල් පැහැති දෑසකට හිමිකම් කියන අයිශ්වර්යා සුන්දරම කාන්තාවක් ලෙස හැඳින්වෙනවා. 1994 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනාගත් ඇය ඉන්දියානු නිළියක් ලෙස ද ආකර්ශනය දිනාගත්තා. ප්‍රවර්ධන රැසකම ඉදිරියෙන් සිටි මේ සුරූපිනිය, විවාහයෙන් පසුව සිනමා ක්ෂෙත්‍රයට සමුදුන්නා. දැන් ඇය දියණියකගේ මවක්.