රහමන්ගේ පරණ නම ගැන කතාවක්

  • 23-07-2023
  • Views 86

ඔස්කා සම්මානයක් ලද පළමු ඉන්දීය සංගීතඥයා වන ඒ ආර් රහමන් මුල් කාලයේ භාවිතා කළ නම් පිළිබඳව කතාවක් මේ දිනවල මතුව තිබේ. ඔහුගේ මුල්ම නම වී ඇත්තේ දිලිප් කුමාර ලෙසය. හින්දු පවුලක උපන් රහමන් පසුව ඉස්ලාමීය ආගමට නැඹුරු වී ඇති අතර, ඔහුගේ නම රහමන් ලෙසද ඉන් පසුව වෙනස් විය.

රහමන් පවසන ආකාරයට ඔහු දිලිප් කුමාර නමට අකමැත්ත පළ කර ඇත. පසුව රහමන්ගේ නම භාවිතයත් සමග තමන්ගේ ජිවිතය වෙනස් වූ බව ඔහු පවසයි. ඔහුට රහමන් වන නම ලබා දී තිබුණේ ප්‍රකට දකුණු ඉන්දීය ජ්‍යෝතිශ්‍යවේදියෙකු බවද රහමන් කියයි.