රන්බිර් හා ආලියාගේ විවාහය සිදුවේද යන්න සැකයක්
බොලිවුඩ්යේ ජනප්‍රියම පෙම්වතුන් යුවළක් වන රන්බිර් කපූර් හ ආලියා භාට්ගේ විවාහ මේ වනවිට 2023 වසර දක්වා කල්ගතව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 2023 දක්වා තම විවාහය කල් යන බව ආලියා පවසා ඇතිමුත් රන්බිර් තවමත් ඒ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන් වෙයි.
රන්බිර් හා ආලියාගේ විවාහය මේ වසරේ දෙසැම්බර් පවත්වන්නට නියමිතව තිබුණද පසුව එය ලබන වසරේ අප්‍රේල් දක්වා කල් දමන්නට සිදුවිය. කෙසේ වෙතත්, දැන් බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වි ඇත්තේ කිහිප වරක් අවලංගු වු මෙම විවාහය ඉදිරියේදීද නිශ්චිතව සිදුවේද යන්නය.