රන්බිර් නර්තන ශිල්පින් 500ක් එක්ක නටන ගීතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ලව් රංජන්ගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා රන්බිර් කපූර් හා ශ්‍රද්ධා කපූර් මේ වනවිට එකතු වි ඇති බවට තොරතුරු ලැබේ. වසර එකහමාරක් තිස්සේ ඉන්දියවේ විවිධ නගර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබුණ නමුදු මේ වනවිට ක්‍රමයෙන් මේ නගර යළිත් විවෘත කරන හෙයින් ලව් රංජන් සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු අරඹන්නට කටයුතු කරමින් සිටියි.

ලැබෙන තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටයේ රන්බිර් කපූර් නර්තන ශීල්පින් 500ක් සමගින් ගීතයක් සඳහා සම්බන්ධ වීමට සූදානමින් සිටින බවය. ඉන්දියාවේ නගර මේ වනවිට විවෘතව තිබෙන හෙයින් මෙම ගීතයේ රූපගත කිරිම් නගර කිහිපයකම සිදු කරන්නය අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තුවෙන් සිටින බවද සඳහන් වෙයි.