රන්බීර් කපූර් සහ ආලියා භාත් ගේ විවාහය මේ වසරේ..?
රන්බීර් කපූර් ගේ සහ ආලියා භාත් බොලිවුඩයේ ජනප්‍රිය පෙම් යුවළකි. ඔවුන් දෙදෙනා නිතරම එක්ව දකින්නට ලැබෙනවා පමණක් නොව පවුල්වල අය සමඟත් ඉතා සමීපය.
“මම හිතනවා ඒ දෙන්නා මේ අවුරුද්දෙ විවාහ වෙයි කියලා..” එසේ පවසන්නේ ලාරා දත්තාය.
තමන්ගේ පරම්පරාවේ මෙන් නොව අලුත් පරම්පරාවේ ප්‍රේමවන්තයන් ගැන අනාවැකි කීම අසීරු බව ද ඇය කියන්නේ විවාහ වෙන්නට ආසන්නව සිටි සමහරු මේ වන විටත් වෙන් වී අවසන් නිසාය.
ආලියා සහ රන්බීර් පෙම්වතුන් වූයේ 2017 දීය.
අනාවැකි කියන්නෙකු වන කමාල් ආර් ඛාන් කියන්නේ රන්බීර් සහ ආලියා 2022 දී විවාහ වී අවුරුදු 15 කින් දික්කසාද වන බවය.
මේ වන විට ආලියාගේ වයස අවුරුදු 28 ක් වන අතර රන්බීර්ගේ වයස අවුරුදු 38 කි. තමා රන්බීර් කෙරෙහි ආකර්ෂණය වූයේ වයස 11 දී බැව් ආලියා වරක් පවසා තිබිණි.