රන්බිර් ආයෙත් කත්‍රිනා කයිෆ් එක්ක රඟපායිද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් ජනප්‍රිය පෙම්වතුන් යුවළක්ව සිටි රන්බිර් කපූර් හා කත්‍රිනා කයිෆ් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය බිඳි වැටිමත් සමග සිය සම්බන්ධකම් අත්හැරි බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. කෙසේ වෙතත්, රන්බිර් මෙන්ම කත්‍රිනාද මේ වනවිට විවාහ වී සිටින අතර, ඔවුනොවුන්ගේ විවාහයේදී ඉතා වටිනා මංගල තැගිද හුවමාරු වු බව දක්නට ලැබුණි.

මේ වනවිට ඔවුන් දෙදෙනා චිත්‍රපටයක එකට රඟපාන්නට සූදානමක් පවතින බවට තොරතුරු ලැබේ. රන්බිර් හා කත්‍රිනා අවසන් වරට දකින්නට ලැබුණේ ‘ජග්ගා ජාසස්’ චිත්‍රපටයේ වන අතර, එහි අවසන් භාගයද ඔවුන් දෙදෙනා විරසක වීම නිසා රූගත කරනු ලැබුවේ ගිවිසුමකට අත්සන් කරමින් බව සඳහන්ව තිබුණි. එහෙත්, මේ වනවිට ඔවුන් දෙදෙනා කැමැත්තෙන් චිත්‍රපටයකට සම්බන්ධව සිටින බව දැන ගැනීමට ලැබේ.