රන්බිර්ගේ චිත්‍රපටයට හිටපු පෙම්වතියක් එකතු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අයන් මුකර්ජි නිර්මාණය කළ ‘බ්‍රහ්මස්ත්‍රා’ චිත්‍රපටය මේ වනවිට නිකුත් කිරිමට සියලු කටයුතු සූදානමින් කර තිබේ.  සැප්තැම්බර් 09 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අමිතාබ් බච්චන්, ආලියා භාට්, රන්බිර් කපූර් හා මවුනි රෝයිය.

දැන ගැනීමට ලැබෙන පරිදි මෙහි ෂාරුක් ඛාන් හා රන්බිර්ගේ හිටපු පෙම්වතිය වූ දිපීකා පදුකෝන්ද ආරාධිත චරිත හරහා මෙම චිත්‍රපටයේ දකින්නට ලැබෙන බවය. දැනට මෙම චිත්‍රපටයේ දෙවැන්නක්ද නිර්මාණය කරන්නට සැළසුම් කර තිබෙන අතර, ෂාරුක් හා දිපිකා එහි ප්‍රධාන චරිත සඳහා එකතු වීමට සූදනමින් සිටින බවට තොරතුරු ලැබේ.