රාධිකා සුපිරි නළුවන් දෙදෙනෙක් සමග කරන වැඩේ
ජනප්රිය ඉන්දීය චිත්රපට කිහිපයකම දුටු සුරූපි රාධිකා අප්තේ මේ දිනවල සිය අලුත්ම චිත්රපටයේ රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධ වී සිටින බව සඳහන් වෙයි. ඒ පුෂ්කර් හා ගයාත්රි දෙදෙනා අධ්යක්ෂණය කරන ‘වික්රම් වෙදා’ චිත්රපටයේය.
ඉන්දීය රුපියල් කෝටි 175ක වියදමකින් තැනෙන මෙය ජනප්රිය දමිල චිත්රපටයක ප්රති නිර්මාණයක්ද වෙයි. රාධිකා මෙහි රංගනයෙන් දායක වන්නේ සායිෆ් අලි ඛාන් හා රිතික් රෝෂන් දෙදෙනා සමග වන අතර, ඔවුන් සමග ඇය වැඩ කරන පළමු වතාවද මෙය විම විශේෂත්වයකි.