රිතේක්ගේ අලුත්ම වැඩේට සල්මානුත් එකතු වෙලා
කොමඩි නළුවෙක් ලෙස බොලිවුඩයේ නමක් දිනා සිටින රිතේෂ් දේශ්මුක් චිත්රපට අධ්යක්ෂණයට යොමුව ඇතැයි වාර්තා වෙයි. ඔහුගේ පළමු චිත්රපට අධ්යක්ෂණය වන්නේ මරාති චිත්රපටයක් වූ ‘වේද්’ය. මෙහි ඔහුගේ බිරිඳ ජෙනේලියා ප්රධාන චරිතය නිරූපණය කරන අතර, ඇය සිය විවාහයෙන් පසුවන රංගනයෙන් දායක වන පළමු චිත්රපටයද මෙය වෙයි.
මෙම චිත්රපටයේ එන ගීතයක් සඳහා සුපිරි නළු සල්මාන් ඛාන්ද සම්බන්ධ වූ බවට තොරතුරු ලැබේ. ‘බයිජාන්’ චිත්රපටයේ රූපගත කිරිම් අතරතුර ඔහු හයිද්රබාද් නගරයේ සිට හදිසියේම මුම්බායි පැමිණ රිතේෂ්ගේ මෙම චිත්රපටයේ සම්බන්ධ වූ බව සඳහන් වෙයි.